Tuesday, January 1, 2013

Introduction in Sinhalese (හැඳින්වීම)

[In Sinhalese, there are at least two translations, one by Govokgada Misihamy in 1961 and the other by Charles De Silva published by the Sri Lanka Sahitya Mandalaya in 1964. Thanks to Deepani Jayantha with whose help I could get hold of a copy of Misihamy's translation "Thiruvalluvar's Kural". Misigamy does not consider his rendering a translation but instead an 'adaptation' of the Tamil classic. It is true that no translation of any classic into a foreign language can do justice to the original and perhaps this is the reason why Misihamy presented his work as an adaptation of Tirukkural. He was ably assisted by Dr. S. Thambaiah, probably a Tamilian who was well versed with the source language Tamil. Published by Anula Publishers, Colombo in the year 1961, this work is no longer available in print.

Since Tamil is an official language of Sri Lanka, there is every possibility of more translations been published in Sinhala language, especially when we know that languages like Oriya and Bengali have seen four to five translations by different authors. As of now, I am aware of only two translations, both published before the 70s.]

හැඳින්වීම

       දෙමළ භාෂාවෙන් ලියැවී ඇති ඉතා වටිනා උපදේශ ග්‍රන්ථයක් වන ,තිරුක්කරල්, හි සිංහලානුවාදය යි මේ ,තිරුක්කරල්, ග්‍රන්ථයේ කර්තෘවරයා වශයෙන් සලකනු ලබන්නේ දැනට අවුරුදු දෙදහසකට පමණ පෙර දක්ෂිණ භාරතයෙහි විසූ තිරුවල්ලුවර් නම් පඬිවරයා යි. මේ පඬිවරයා ගැන ස්ථීරව කිව හැකි තොරතූරු ඉතා අල්ප ය. කර්තෘවරයාගේ දක්ෂතාව වටහා ගැන්මට ප්‍රමාණ වන්නේ ග්‍රන්ථය මැයි ධර්ම අර්ථ, කාමි යන පුරුෂාර්ථයන් තූන පදනම් කොටගෙන ලියැවී ඇති මෙහි එක් අධිකාරයක ගීත දහය බැගින් ඇත. එබඳු අධිකාර එකසිය තිස් තූනකින් සැදී ඇති බැවින් මුළු ග්‍රන්ථයේ ගීත ගණන එක් දහස් තූන්සිය තිහකි. 

       ගීත බෙහෙවින් කෙටියෙන් ලියා තිබීම නිසා ඒවායින් ප්‍රකාශවන නියම අදහස් සෙවීම දුෂ්කර විය. තිරුක්කූරල් කාව්‍යයේ අර්ථ වර්ණනා කෙරෙමින් ලියැවුණු සන්න ග්‍රන්ථයන් දහයක් ගැන අසන්නට ඇතත් දැනට සොයාගත හැකිව ඇත්තේ එයින් දෙකක් පමණි. එම පොත් දෙකෙහි පවා සමහර තැනක ගීතඑක් එක් අධිකාරයන්හි ගීතයන්ගේ අනු පිළිවෙළ ද ඇතැම් ගීතයන් හි අදහස් ද එකිනෙකට වෙනස්ය. මේ හෙයින් සමහර ගීතයන් හි අදහස් හරි හැටි වටහා ගැනිම සඳහා දක්ෂිණ භාරතිය ජන සමාජය හා තදීය සිරිත් විරිත් පිළිබඳ අවබෝධයක් ද අවශ්‍ය විය. 

       උපදේශ කාව්‍යයක් වශයෙන් මෙහි අන්තර්ගත අදහස් වල වැදගත්කම නිසා මෙම ග්‍රන්ථය නොයෙක් භාෂා වලට පරිවර්තනය කොට ඇත. පැරණි සිංහල සාහිත්‍යයයේ උපදේශ ග්‍රන්ථයනට තිරුක්කූරල් හි අන්තර්ගත සමහර අදහස් වැද්දගෙන ඇතත් මෙහි සම්පූර්ණ සිංහල පරිවර්තනයක් මෙතෙක් සිදුවී නැත. මෙම පරිවර්තනය එම අඩුව පිරිමැසිමට දරන ලද ප්‍රයත්නයකි. 

       පරිවර්තනය ගීයට නැගීමේදී අදහස් පැහැදිලි කිරීම සඳහා සමහර තැනක බැහැරින් ගත් උපමා හා වචන ආදියක් ස්වල්ප වශයෙන් යොදන්නට සිදුවිය. බලවත් පරිශ්‍රමයකින් පසුව මේ ග්‍රන්ථය නිම කළ නමුත් මෙබඳු ග්‍රන්ථයකට යම් යම් අඩු ලුහුඩුකම් ඇතිවීම වැළැක්විම අති දුෂ්කර කාර්යයකි. ගීයට නැගීමේදී ප්‍රධාන පරමාර්ථය වූයේ නියම අදහස් අනාවරණය කිරීම නිස අලංකාර ලෙස ගීත තැනීම නොවේ. සීමා කළ අදහස් ගී කිරිම ද එතරම් පහසු නොවේ. 

       මේ පොතෙහි යම්කිසි අඩු ලුහුඩුවක් දුටු තැනකදී මධ්‍යස්ථ විචාරකයින් විසින් සහේතූකව පෙන්වා දෙනු ලැබුවහොත් මහත් සේවයක් වන අතර ම අනාගත මුද්‍රණයකදී තවදුරටත් සකස් කිරීමටද මහෝපකාරී වෙනවා ඇත. 

       දෙමළ පොත සිංහලයට නැගීමේදී මේ වටිනා සේවයට හිතෛෂිව උපකාර කළ යාපන දිස්ත්‍රික්කයේ ,චුලිපුරම්හි, හි නිවැසි විශ්‍රාම ලත් ඉංග්‍රිසි වෛද්‍යචාර්ය ෂෙල්ව තම්බයියා මහත්මාට මගේ කෘත ගූණ පූර්වක ස්තූතිය ගෞරවයෙන් පිරිනැමේ.
       එසේම මෙය ලිවීමේදී හිතවත් ව ඇතැම්විට සහයෝගය දුන් වැලිගම්පිටියේ ඩී. ටී. අළුත්ගේ මහත්මාට සහ කූඹුක මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ජි. සමරසේකර මහත්මාට ද මගේ ස්තූතිය හිමි විය යුතූය. 

       පොත ශෝභන ලෙස මුද්‍රණය කිරීමටත් බෙහෙවින් ආධාර කළ මුද්‍රණාලයාධිපති මහතාට හා සේවක පිරිසට ද මාගේ ස්තූතිය මෙයින් පිරිනමමි. 

        ජී. මිසිහාමි
පොකූණුවිට වැලිගම්පිටියේ
      ,මිථිලා, හි දි .
        1. 9. 61. 

 ===========================================================

3 comments:

  1. please upload full sinhala translation of the thirukkural at least that pdf file of the above book written by G. Misihamy, thank you.

    ReplyDelete
  2. Please upload sinhala translation of Thirukkural,,,,

    ReplyDelete
  3. http://kuraltranslations.blogspot.in/search/label/07%20Sinhalese%3A%20තිරුවල්ලුවර්ගේ%20කූරල්

    ReplyDelete